පැය 512 ක කාලයක් වැයකරමින් බිත්තර ඇසුරුම්වලින් නිර්මාණය කළ සාමාන්‍ය යුද ටැංකියකම ප්‍රමාණයෙන් යුත් අපූරු යුද ටැංකියක් ගැන මෙම පුවත වාර්තා වෙයි.

බිත්තර ඇසුරුම් පෙට්ටි 5016 ක් භාවිත කරමින් නිර්මාණ කර ඇති මෙම යුද ටැංකිය හමුදාවේ නිලධාරින්ගේ සුබ සාධනයට මුදල් රැස්කිරීම සඳහා නිර්මාණය කළ බව එහි නිර්මාතෘ ස්ටුවර්ට් මර්ඩොක් ප්‍රකාශකර තිබේ.

ස්ටූවර්ට්ට මේ නිර්මාණය සඳහා මැලියම් ලිටර් 26 ක් හා ඇණ 10100 ක් ද තීන්ත ලීටර 15 ක් ද වැය වී තිබේ. යුද හමුදා නිල ඇඳුම්වල වර්ණයෙන් යුත් මෙම එක් බිත්තර පෙට්ටියක බිත්තර 06 ක් සහිත බව ද වාර්තා වේ.මේ බිත්තර සහිත ඇසුරුම් අලෙවි කිරීමෙන් ලබන සියලු ආදායම හමුදා නිලධාරින්ගේ සුබ සාධන කටයුතු සඳහා යොදවා ඇති බව සඳහන්ය.

1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාවේ වෝයිඅචිච් යුවළ ආදරයෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තු වූහ. ඒ පැතුම් මල් පුබුදමින් පුංචි පුතෙක් මෙලොව එළිය දුටුවේය. උතුරා ගිය ප්‍රීතියෙන් යුතුව කිරිකැටි පුතු දෝතට ගත් මවට ඉබේටම කෑගැස්විනි.

“දෙවියනේ. . මේ මොකද ?”

ඇය හඬමින් ඇසුවේ සයනය වට කරගෙන සිටි රෝහල් කාර්යය මණ්ඩලයෙනි. ඒත් ඔවුන් නිහඬ ය. සිඟිති පොරෝණය තුළ උණුසුමට ගුලි වී සිටින පුතු දෙස අම්මා යළිත් ඕනෑකමින් බැලුවා ය.

“අත් කකුල් නැති පුංචිම පුංචි දරුවෙක්”
Continue reading »

ගිනස් වාර්තා පිළිබඳ නියෝජිතයෙකු හෝ නියෝජිත ආයතනයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින්, ගිනස් වාර්තා තැබීමට උනන්දුවන ඕනෑම ශ්‍රී ලාංකිකයකු ජාත්‍යන්තර ගිනස් ආයතනයේ උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරන ලෙස ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි.

මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ, ගිනස් වාර්තා පිළිබඳ කිසිදු නියෝජිතයෙක් හෝ නියෝජිත ආයතනයක් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ නොමැති බවයි

ආසියානු කලාපයට ඇති එකම නියෝජිත ආයතනය පිහිටා ඇත්තේ ජපානයේ බව හෙතෙම සඳහන් කරයි.

එසේම ගිනස් වාර්තා නියෝජකත්වය පිළිබඳව ශ්‍රී ලංකාවද දැඩි උනන්දුවකින් පසුවන බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පවසයි.

කොළඹ ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඕ. ඞී. එස්. එස්. ජයවර්ධන සිසුවා අලුත් මාදිලියේ ඉදලක් නිපදවා තිබේ.

මෙම ඉදලේ විශේෂත්වය වියලි දිනක පවා දූවිලි නොඇවිස්සෙන ලෙස මින් ඇමදීමට හැකියාව තිබීමය.

ශ‍්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මගින් 2011 දී පැවැත්වූ සමස්ත ලංකා පාසල් නව නිපැයුම්කරුවන් ගේ තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් හිමි වූයේ මෙම නිර්මාණය සඳහාය.

ඉදලේ ඉහල කොටසේ ඇති බෝතලයට ජලය පුරවා එහි යට කොටසේ තිබෙන කරාමය විවෘත කල විට නළක් දිගේ ජලය විත් බිමිට වැටීම මගින් වියලි දිනයන්හි දී මින් ඇමදීමේදී දුවිලි ඇවිස්සීම වළක්වා තිබේ.

වැසිකිළියක් කළ හදියක්. වැසිකිළියක් නොමැති වීම හේතුවෙන් සිය සැමියාගේ නිවසෙන් පිටව ගිය මනාලියක් පිළිබඳව ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් වලින් වාර්තා වේ.ඇනීටා නාරේ හා ශිවරාම් විවාහ වූයේ පසුගිය මැයි මාසයේදීය. එහෙත් විවාහයෙන් දින 2කට පසුව ඇය සැමියා ගේ නිවස හැර ගියේ එහි වැසිකිළියක් නොමැති බැවිනි.

දෛනික වැටුප් ලබන තමා හට නිවසේ වැසිකිළියක් තැනීමට මුදල් නොමැති යැයි ශිවරාම් පවසන බව මේ පුවත වාර්තා කරන බීබීසී ලෝක සේවය සඳහන් කරයි.කෙසේ වෙතත් ඉතිරි කරගත් මුදල් වලින් හා ගම්සභාව විසින් ලබාදෙන ලද ආධාර උපයෝගී කරගනිමින් ඔහු නිවසේ වැසිකිළියක් තනා ඇති අතර, මේ සඳහා දින 08ක් ගතවී ඇත.

වැසිකිළියක් තනා අවසන් වූ පසුව ශිවරාම්ගේ මනාලිය යළි ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, සිය සැමියාට වැසිකිළියක් තැනීමට බල කළ ඇනීටාගේ ඍජු තීරණය හේතුවෙන් එක් රාජ්‍ය නොවන සංවිධානයකින් ඇයට ඇමෙරිකානු ඩොලර් 10,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

තවමත් සනීපාරක්‍ෂක පහසුකම් නොමැති ඉන්දීය වැසියන් බිලියන 0.5ක් සිටින බව බීබීසී ලෝක සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ජනාධිපති මහිනද රාජපක්ෂ මහතා හා ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මිය සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙන් සිංගප්පූරු නව ඕකිඩ් විශේෂයක් ජනාධිපතිතුමා හා ජනාධිපති ආර්යාව නමින් නම් කර තිබේ.

නව ඕකිඩ් විශේෂය නම් කර ඇත්තේ ‘ඩෙන්ඩ්‍රෝබියම් මහින්ද ශිරන්ති’ (DENDROBIUM MAHINDA SHIRANTHI) යන නමිනි.

ප‍්‍රසිද්ධියට පත් කළ නව ඕකිඞ් විශේෂය සිංගප්පූරුවේ ජාතික ඕකිඞ් උද්‍යානය වෙත අද (15) පෙරවරුවේ පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා එම ආර්යාව වෙත පිළිගැන්වීම සිංගප්පූරු ජාතික උද්‍යාන මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරී පූන් හොන් යූන් (Poon Hong Yean) මහතා අතින් සිදු කෙරුණි.
Continue reading »

චීනයේ වාර්ෂිකව පැවැත්වෙන විශාලතම අයිස් සැනකෙළියක් පසුගියදා බිජිං හි යංචින් නුවර පැවැත්විණි.
විසිහය වැනි වරට පැවත්වුනු මෙම සැනකෙළිය ලෝංචින් ගෝජ් අයිස් සැනකෙළිය ලෙස හැඳින්වේ.

මෙම සැනකෙළියත් සමග බීජිං හි පැවති චීන අළුත් අවුරුදු සැමරුම් අවසන් විය.
මෙවර උදා වූ චීන නව වසර මකරාගේ වර්ෂය වන අතර, අයිස් හා හිම ප‍්‍රතිමා 300කට අධික සංඛ්‍යාවක් ප‍්‍රදර්ශනය වූ මෙම සැනකෙළියේ ජනපි‍්‍රය තේමාවක් ද වී ඇත්තේ මකරා බව විදෙස් වාර්තා සඳහන් කරයි.

චීනයේ පැවැත්වෙන ජනපි‍්‍රයතම හිම හා අයිස් සැනකෙළියක් වන මෙය නැරඹීම සඳහා ලොව පුරා සංචාරකයෝ දහස්ගණනක් ඇදී එති.
අයිස් ප‍්‍රතිමා වලට අමතරව අයිස් මත හා හිම මත ලිස්සා යාමේ තරග සහ මල්වෙඩි සංදර්ශන ද මෙහිදී පැවැත්වුනු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

පාවහන් නොමැතිව තණකොල මත ඇවිදීම බොහෝ දෙනෙකු පි‍්‍රය කරන අතර, මෙම හැඟීම ඇසුරෙන් නව නිර්මාණයක් වෙළඳපොලට නිකුත් කිරීමට ඇමෙරිකානු පාවහන් සමාගමක් පියවර ගෙන ඇත.
මෙම පාවහන් වල ඇතුළු පැත්තට කෘතිම තණකොළ මසා ඇත්තේ පාරිභෝගිකයාට ඉහත ආස්වාදය ලබාදීමේ අරමුණින් බව එහි නිෂ්පාදක සමාගම වන KUSA පවසයි.
මෙහි සිල්ලර මිල ඇමෙරිකානු ඩොලර් 32ක් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
විශාලත්ව ප‍්‍රමාණ තුනකින් නිෂ්පාදනය කර ඇති මෙම පාවහන් වලට මසා ඇති කෘතිම තණකොළ තට්ටුව මගින් පයට වැඩි පහසුවක් ලැබෙනු ඇතැයි KUSA සමාගම කියයි.

කතරගම ලූණුගම්වෙහෙර මාර්ගයේ ඉදිකිරිම් කටයුතු අතර තුර තම්මැන්නාව ප්‍රෙද්ශයෙන් මැණික් ඉල්ලමක් සොයා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.

මාර්ගයේ ඉදිකිරීම් සදහා ගෙන විත් තිබූ පස් ගොඩකින් මෙම මැණික් ඉල්ලම් හමුවී තිබේ.

අවට ප්‍රදේශවාසීන් දෙදහසකට අධික ප‍්‍රමාණයක් මෙම මැණික් ඉල්ලම්වල මැණික් සෙවීමට පැමිණ ඇති අතර ලූණුගම්වෙහෙර පොළීසිය මැදිහත්වීමෙන් ජනතාව පාලනය කර ඇතැයි පැවසේ.

මේ වන විට ලූනුගම්වෙහෙර පොලීසිය විශේෂ ආරක්ෂක රැකවල් යොදා අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.

මෝටර් රථ දැනට නිපදවන තහඩු වලට වඩා 40 ක් බරින් අඩු අදාළ තහඩු වලට වඩා ශක්තිමත් ප්ලාස්ටික් විශේෂයක් නිපදවීමට ජපානයේ Toyoda Gosei Co සමාගම සමත්ව තිබේ.ඒෂියා පල්ස් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ මෙම ප්ලාස්ටික් යොදා ඉදිරියේදී මෝටර් රථ නිපදවනු ඇතැයි සමාගම බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත්, මෙම මෝටර් රථ නිපදවීමේ කටයුතු සඳහා තවත් වසර තුනක් පමණ ගතවනු ඇතැයි සඳහන්ය.මේ වනවිට, ටොයොටා ඉලෙක්ට්‍රික් රථයක් මෙම ප්ලාස්ටික් යොදා නිර්මාණය කර තිබෙන අතර මෙම නිෂ්පාදන වලට පිරිවැය විශාල ප්‍රශ්නයක් වී තිබෙන බවද වාර්තා වේ.

යකඩ තහඩු වලින් නිපදවීමට වඩා මෙම ප්ලාස්ටින් වලින් මෝටර් රථ නිපදවීමේදී පිරිවැය සියයට 30-40 ත් අතර අගයකින් වැඩිවන බව සඳහන්ය.

රාගම වනාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මහත් භීතියට පත් කරමින් සිටි “රාගම මිනීමරු කිඹුලා” 8 වෙනිදා අල්ලගන තිබුණා.
අඩි 19 ක් පමණ දිග විශාල සිරුරකින් යුක්තව වැඩී තිබුන මෙම කිඹුලා හසුවී තිබුනේ ප්‍රදේශයේ තරුණයකු විසින් අටවන ලද උගුලකටයි.
මෙම කිඹුලා විසින් පසුගියදා ගවයන්ට තණකොළ කැපීමට ගිය තරුණයකු ඩැහැගෙන ගොස් මරා දමා තිබූණ අතර ප්‍රදේශයේ ගවයින්, සුනඛයින් ආදී සතුන් ආහාරයට ගෙන තිබිණා. කිඹුලා ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබූණා

සත්ත්ව වේදීන් පවසන්නේ මෙලෙස මිය ගිය කිඹුලා වසර 100කට පමණ පසුව මෙරටින් හමුවු විශාලතම කිඹුලා බවයි.
එහෙත් කිඹුලා මිනිස් ග්‍රහණයට ගෙන පැය කිහිපයකට පමණ පසුව මිය ගිය බවයි වාර්තා වුනේ. කිඹුලා එලෙස මිය ගියේ දෙහිවල සත්වෝද්‍යානය වෙත රැගෙන යාමෙන් අනතුරුවයි.
පොරවකින් පහර දුන් බවට සැක කෙරෙන තුවාල සලකුණු කිඹුලාගේ හිසේ පැවති අතර එම හේතුවෙන් හෝ කිඹුලා අල්ලා ගැනීමට භාවිත කළ ඇම සුසුම්නාවේ පැටලීමෙන් හුස්ම හිරවීමෙන් මිය යන්නට ඇතැයි වනජීවි නිලධාරීන් සදහන් විශ්වාස කරනවා.

බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය සඳහා විශේෂ විස්කි එකතුවක් ජොනී වෝකර් සමාගමේ ඉස්කාගාරයක් විසින් නිපදවා තිබේ.

1952 දී නිෂ්පාදනය කළ ගේ‍්‍රන් හා මෝල්ට් විස්කි කිහිපයක සංකලනයක් වන මෙහි නිපදවා ඇත්තේ බෝතල් 60ක් පමණි.
ඉන් එකක් මහරැජිනට පිරිනැමීමට නියමිත අතර, ඉතිරි බෝතල් 59 ම පවුම් 100,000 ක මිලට අලෙවි කිරීමට නියමිතයි.
පළිඟු ඩිකැන්ටරයක දමා ඇති මෙම විස්කි සමග පළඟු වීදුරු දෙකක් ද ඇසුරුම් කර ඇත.
මෙම විස්කි අලෙවි කිරීමෙන් ලද සියළු ලාභ Queen Elizabeth Scholarship Trust නම් බි‍්‍රතාන්‍යයේ කර්මාන්ත ශිල්පීන් හට පුහුණව හා ආධාර ලබාදෙන පුණ්‍යාධාර ආයතනයක් වෙත ලබාදීමට කටයුතු යොදා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ දින වල යුරෝපය හරහා හමා යන අධික සීතල කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් මරණයට පත්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

උත්තර ධ‍්‍රැවයේ පවතින කටුක කාලගුණයට සමාන තත්ත්වයක් යුරෝපය හරහා පසුගිය මාසය අවසානයේ සිට පැතිර ගිය අතර, මෙම අධික සීතල හේතුවෙන් මියගිය බහුතරය නිවාස නොමැති පුද්ගලයන් වේ.
මෙම සීතල වැඩිපුරම බලපා ඇත්තේ යුක්රේනයට වන අතර, මේ වන විට සීතල හේතුවෙන් පුද්ගලයන් 131ක් මරණයට පත්ව තවත් 1800ක් රෝහල්ගතකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වසර 1999 ට පසුව ඇති වූ දරුණුම හිමපතනය ලද බොස්නියාවේ සරායේවෝ අගනුවරේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කර ඇති අතර, දරුණු හිමපතනය හේතුවෙන් සර්බියාවේ 70,000කට පමණ අනිසි ලෙස බලපා ඇතැයි ද වාර්තා වේ.
මේ දක්වා පෝලන්තයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති අතර, ප‍්‍රංශයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 04කි.
පසුගිය සෙනසුරාදා දින වසර 25කට අධික කාලයකින් රෝමයට ඇදහැලූනු දරුණම හිමපතනය වාර්තා වූ අතර, සෙල්සියස් අංශක -21.8ක උෂ්ණත්වයක් නෙදර්ලන්තයේ ලෙලිස්ටාඞ් නුවරින් වාර්තා විය. මෙය, වසර 27ක කාලයක් තුළදී නෙදර්ලන්තයෙන් වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙස සැලකේ.

බි‍්‍රතාන්‍ය සිංහාසනයේ හැට වසරක් සපිරූ දෙවැනි එලිසැබෙත් රැජින ඇමෙරිකාවේ හැරී ටෲවන් ජනපතිගේ සිට බරක් ඔබාමා දක්වා ජනපතිවරුන් එකොළොස් දෙනකු බකිංහැම් මාලිගයේදී පිළිගෙන ඇත. එය ලෝක වාර්තාවකි

ඉතාලියේ ”ජිග්ලියෝ” දූපත අසල මුහුදේ කොරල් පරයක ගැටීමෙන් ඉකුත් ජනවාරි 13 වැනිදා රාති‍්‍ර අනතුරට පත්වූ අති සුඛෝපභෝගී ”කොස්ටා කොන්කෝඩියා” නමැති ඉතාලි මගී නෞකාවේ විශේෂ ප‍්‍රවෘත්තිය දෙස්, විදෙස් මාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්නට ලැබෙනවාත් සමගම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ පැරැණි මතකය යළිත් අලූත් වූයේ හරියටම දැනට වසර සීයකට පෙර අයිස් කන්දක ගැටී මුහුදුබත් වූ සුප‍්‍රසිද්ධ ”ටයිටැනික්” නෞකාවේ ඛේදවාචකය සිහියට නංවමිනි. විදෙස් මාධ්‍ය මගින් මෙය හඳුන්වාදී තිබුණේ ටයිටැනික් නැවේ ඛේදවාචකය සිහිපත් කරමිනි.
Continue reading »

පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය හතරක් ගතවිය. පකිස්ථාන ජාතිකයෙක් මෙම මළ මෝරා ඇමෙරිකා ඩොලර් 2000කට (රුපියල් 230,000) මිලට ගත්තේය. ඔහු එම මෝරා පුළුන් පුරවා සුරක්ෂිත කිරීමට අදහස් කරයි.

කෘතිමව සකසන ලද සහ දෑතින් පින්තාරු කරන ලද ladybird නම් කුරුමිණියන් 20, 000 ක් උපයෝගී කරගනිමින් ජීවමාන ප්‍රමාණයේ මිනිස් ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට කලාකරුවෙකු සමත්ව තිබේ.
ගැබර් ෆු‍ලොප් නම් මෙම බල්ගේරියානු ජාතික කලාකරුවා පළමුව කෘතිම ද්‍රව්‍යයක් උප‍යෝගී කරගනිමින් ladybird කුරුමිණියන් නිර්මාණය කර පසුව ඒවා සිය දෑතින්ම වර්ණ ගන්වා තිබේ.
පසුව කාන්තාවකගේ සිරුරකට අනුරූපව සකසන ලද ආකෘතියකට එම කුරුමිණියන් ක්‍රමානුකූලව අලවමින් මෙම අපූරු ප්‍රතිමාව නිර්මාණය කර ඇත. ඔහු විසින් සොබාදම් දෙවඟනකට සමාන කර දක්වන මෙම ප්‍රතිමාව The Lady Bug ලෙස නම් කර තිබේ.

එංගලන්තයේ කලාකරුවන් පිරිසක් විසින් මෑතක දී අපූරු චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබිණි.
එම ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ මෙම කලාකරුවන් විසින් එම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ සියලුම චිත්‍ර නිර්මාණ මුඛයෙහි ආධාරයෙන් සිතුවම් කර තිබීමය.
එම චිත්‍ර සිතුවම් කිරීම සඳහා භාවිත කළ සියලුම පින්සල් දෑතේ ආධාරයෙන් නොව මුඛය,දිව හා පා ඇඟිලි ආධාරයෙන් හසුරුවා ඇත.
එංගලන්තයේ ආබාධිත කලාකරුවන්ගේ සංගමය මගින් මෙම ප්‍රදර්ශනය පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබිණි.
මෙම කලාකරුවන් විසින් සිය නිර්මාණ එංගලන්තයේ ටවර් බ්‍රිජ් හි ප්‍රදර්ශනය සඳහා තබා තිබූ නරඹන්නන් වෙනුවෙන් එම අවස්ථාවේ දීම ද සිතුවම් නිර්මාණය කිරීම තවත් විශේෂත්වයක් විය.

මල් යනු පෙබරවාරි මාසයේ උදාවන ආදරවන්තයින්ගේ දිනය හා ඉතා සමීප වන්නකි. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්ම නිමවන ලද මෙම ගවුම ද සාදා ඇත්තේ මල් වලිනි.

මල් 1,725ක් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී ගවුම, බි‍්‍රතාන්‍යයේ ඇස්ඩා සුපිරි වෙළඳසැල් ජාලය හා නිර්මාණකරු මසී ගේ හවුලක ප‍්‍රථිපලයකි.
විවිධාකාරයේ රෝස, ජර්බෙරා, කානේෂන් හා කි‍්‍රසැන්තිමම් වැනි මල් වර්ග වලින් සැදුනු මෙම ගවුම සෑදීම සඳහා පැය 170ක් ගතවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
මෙහි බර රාත්තල් 28ක් පමණ වන අතර, මීටම ගැලපෙන පාවහන් යුගයක්ද රෝස පෙති වලින් නිර්මාණය කර ඇත.
මේ වසරේ පැවති පැරීසියේ මෝස්තර නිරූපණ සතියේ එළිදැක්වුනු ගවුම් මෝස්තරයක් ඇසුරෙන් මෙම නිර්මාණය සකසා තිබේ.

දුරදක්න හතරක් එක්කරමින් තාරකා විද්‍යාඥයන් විසින් පෘථිවි තලය මත ඇති විශාලම දර්පනය සහිත දුරදක්නය නිර්මාණය කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

චිලී හි ඇටකාමා කාන්තාරයේ පිහිටි VLT (Very Large Telescope) දුරදක්නයේ කොටස් 4ක් එක්කරමින් තැනූ මෙම දර්පනයේ විශ්කම්භය මීටර 130කි.
වසර 2011 මාර්තු මස අසාර්ථක වූ මෙම කටයුත්ත පසුගිය 02දා සාර්ථක ලෙස සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉන්ෆරෝමෙට්රි නම් කි‍්‍රයාවලියක් යටතේ සිදුවූ මෙම කටයුත්ත හේතුවෙන් මෙම දුරදක්නයේ පැහැදිලිභාවය හා දුරස්ථ රූප සමීප ලෙස නිරීක්‍ෂණය කිරීමේ හැකියාව (zooming) ඉතා තීව‍්‍ර වනු ඇතැයි විද්‍යාඥයන් කියයි.

VLT දුරදක්නය යනු චිලී හි ඇටකාමා කාන්තාරයේ පිහිටි දුරදක්න වලින් එකක් වන අතර, එය, රටවල් 15ක අනුග‍්‍රහය යටතේ ජර්මනියේ මියුනිචි හි පවත්වාගෙන යන ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් වන European Southern Observatory විසින් ගොඩනගා ඇත.